Skip to main content

දකුණු ආසියාවේ විශාලතම මූල්‍ය වංචාව හම්බ ස්ලාමයෙන්......................


දකුණු ආසියාවේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 කට ආසන්න වැට්‌ බදු මුදල් වංචාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයට පෙනී නොසිට මෙරටින් පැනගොස්‌ ඇති විත්තිකරුවන් අටදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (26 දා) වසර 20 බැගින් සිරදඬුවම් හා වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩ මුදලක්‌ නියම කළාය.


චූදිතයන්ට අයත් මෙරට හා පිටරට ඇති නිශ්චල හා චංචල දේපළවල වාර්තාවක්‌ ලබා ගන්නා ලෙසද නියම කළ විනිසුරුවරිය ජාත්‍යන්තර පොලිසිය හරහා ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන නියම කළ සිරදඬුවම් පැනවීම හා දඩ මුදල් අය කර ගැනීම සිදු කරන ලෙස වැඩිදුරටත් නියෝග කළාය.



මෙසේ සිර දඬුවම් හා දඩ මුදල් නියම වූ චූදිතයන් වූයේ 

රෂීඩ් මොහොමඩ් මුරුෂිඩ් (චෝදනා -14 යි. වංචා කළ මුදල -2, 117, 062, 596.40) 

බාකිර් මොහොමඩ් රිµdස්‌ නොහොත් රියාස්‌ (චෝදනා -29 යි. වංචා කළ මුදල -3, 680, 641, 111. 55)

ඒ. එස්‌. එම්. අවාමි (චෝදනා -03 යි, වංචා කළ මුදල - 251, 302, 387.60)

එම්. එම්. ඒ. ඉර්ෂාඩ් නොහොත් මොහොඩම් නෂීර් කාදර් (චෝදනා -07 යි). වංචා කළ මුදල - 1, 187, 762, 968.11)

එන්. ඒ. මොහොමඩ් නෂ්මි නොහොත් අබ්දුල් ඊබ්‍රාහිම් (චෝදනා -05 යි. වංචා කළ මුදල - 831, 807, 226.80)

මොහොමඩ් කාවේල් කුතුබ්දීන්
(චෝදනා - 13 යි. වංචා කළ මුදල 1,822,331,753.76)
ඒ. ඩබ්ලිව්. එම්. ෂාපි නොහොත් මීරා සහිබ්‍රලියකත් අලි
(චෝදනා - 03 යි. වංචා කළ මුදල 208,678,248.95)

එම්. කේ. එම්. සපීකි 
(චෝදනා - 2 යි. වංචා කළ මුදල 29,900,194.80) නමැති අයයි. 
චූදිතයන් හට දඬුවම් නියම කිරීම සඳහා නඩුව කැඳවනු ලැබූ අවස්‌ථාවේදී අධිකරණය අමතන්නට වූ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය දීර්ඝ නඩු විභාගයක්‌ පැවැති මෙම නඩුවේදී වරද පිළිගත් 1, 2, 10, 11, 13 හා 14 විත්තිකරුවන්ට මීට පෙර සිරදඬුවම් හා දඩ මුදල් නියම කර ඇති බවත් නඩු විභාගයේ ඉදිරිපත් වූ සාක්‌කි පරිශීලනය කිරීමේදී මෙහි ඉදිරිපත්වී නොමැති විත්තිකකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල මගින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බැවින් ඔවුන් ව වැරදිකරුවන් කරන බවත් දන්වා සිටියාය.


එහිදී වැරදිකරුවන් වූ විත්තිකරුවන් හට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය අමතන්නට වූ පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා මෙම නඩුවට අදාළව විමර්ශන ආරම්භ කරනවාත් සමගම මෙම විත්තිකරුවන් රටින් පැන ගිය බවත් අධිකරණයේ නොමැති වුවත් ඔවුන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක්‌ සිදුවූ බවත් පැවසුවේය. 



රජයේ නීතිඥ ශනිල් කුලරත්න මහතා - මෙම වංචාව මගින් විත්තිකරුවන් ලබාගෙන ඇත්තේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සතු ආදායම් හෙවත් මහා භාණ්‌ඩාගාරයට අයත් මුදල්ය. රටේ ආර්ථිකයට අය ලෙසින් ආදායම් ලැබෙන ප්‍රධාන ආයතන තුනක්‌ තියෙනවා. එනම් රේගුව, සුරාබදු හා දේශීය ආදායම් බදු යන දෙපාර්තමේන්තුවලට ලැබෙන ආදායම්.



මෙම වංචාව දකුණු ආසියාවේ සිදුවූ විශාලතම මුදල් වංචාව ලෙසින් හැඳින්විය හැකියි. මෙයින් රජයට රුපියල් බිලියන 4 කට ආසන්න මුදලක්‌ අහිමි වුණා.



නඩු විභාගයේදී මෙම විත්තිකරුවන් ඉතා සූක්‍ෂම ලෙසත් ජනරජය සතු මේ සා විශාල බදු මුදල් වංචා කළ අයුරු හෙළි වුණා. පෞද්ගලික සමාගම් 25 කින් මෙලෙස බදු මුදල් වංචා කර තිබුණා. එයින් සමාගම් 11 ක්‌ ආයතනිකව ඇති ඒවා නොවේ. දෙකක්‌ ව්‍යාජ තොරතුරු මත පවත්වාගෙන ගිය ඒවා. ඉතිරි සමාගම් 12 න් ද නැවත බදු අය කර ගැනීමක්‌ කළ නොහැකියි.



විත්තිකරුවන්ගේ පැන යැම හේතුවෙන්ම මෙම නඩුව වසර 08 වැනි දීර්ඝ කාලයක්‌ විභාග කරන්නට සිදුවුණා. නඩු විභාගයත් දීර්ඝ එකක්‌ වුණා. ලේඛන 4000 ක්‌ පිටු 15000 ක්‌ නඩුවට ඇතුළත් වෙනවා. විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේදී මෙවැනි වංචා ඉදිරියේදී සිදු නොවීමට, සියලු නිලධාරීන්ට අවවාදාත්මක ආදර්ශයක්‌ වන ලෙසත් දඬුවම් පැනවීම සිදු කළ යුතුයි. මෙවැනි වංචා තවදුරටත් සිදු නොවන්න, යමෙක්‌ වංචා කරන්න බලාපොරොත්තුවෙන් සැලසුම් සහගතව, සිතා සිටිනවා නම් ඒ අයත් එම සිතුවිල්ලෙන් බැහැර වන ලෙසින් මෙම විත්තිකරුවන්ට දඬුවම් පැන විය යුතුයි.



විත්තිකරුවන් සිදු කර ඇත්තේ පොදු දේපළ පහත විෂයෙහිලා ගැනෙන අපරාධයක්‌. මෙම නඩු විභාගය දෙස රටම බලා සිටියා. නඩු විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ මගින් වරදකරුවන් කිරීමේදී කිසිදු සහනයක්‌ ලබා දිය නොහැකියි.



විත්තිකරුවන් වැරදිකරුවන් කරමින් ඔවුන්ට දඬුවම් නියම කළ විනිසුරුවරිය විත්තිකරුවන්ගේ වංචා හේතුවෙන් පොදු ජනතාවට සිදුවූ අහේනිය සළකා බැලිය යුතු බවත් ජන රජය සතු එනම් පොදු ජනතාවගේ මුදල් සම්භාරයක්‌ ඔවුන් වංචා කර ඇති බවට පැමිණිල්ල මගින් ඔප්පු කර ඇති බවත් පැවසුවාය.


මෙවැනි වංචා තුළින් දියුණු වෙමින් පවතින ආර්ථිකයක්‌ ඇති ලංකාවේ සංවර්ධනයට මහත් සේ බලපාන බවද මෙවැනි වැරදි යළිත් කිසිම කෙනකුත් නොකළ යුතු ලෙසත් යුක්‌තිය පසිඳලීමේ කාර්යයේදී දඬුවම් ලබාදීමක්‌ සිදු කළ යුතුව ඇති බවද පෙන්වා දුන් විනිසුරුවරිය නඩු විභාගයට පෙනී නොසිට අධිකරණය මඟ හැර ඇති මෙම විත්තිකරුවන් හට එක්‌ එක්‌ චෝදනාවට වසර 20බැගින් එකවර ගෙවී යන පරිදි සිරදඬුවම් හා වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩ මුදලක්‌ නියම කරන බවට දන්වා සිටියාය.



නඩු විභාගයේදී සහාය දැක්‌වූ විමර්ෂණ කටයුතු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැමිණිල්ල මෙහෙයවූ රජයේ නීතිඥවරුන්ට හා අධිකරණ කාර්යය මණ්‌ඩලයට විශේෂ ස්‌තුතියක්‌ පුද කරන බව ද දන්වා සිටි විනිසුරුවරිය චූදිතයන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තා ගොනු කිරීමට නඩුව ලබන ඔක්‌තෝබර් 14 දා නැවත කැඳවන ලෙස ද නියෝග කළාය.






Comments

Popular posts from this blog

ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....

මීට   පෙර ලිපිය   තුලදි මේ වන විට ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කොට පවතින හිංසාකාරී ස්වභාවයත් , ඒ පිළිබද යම් විශ්ලේෂණයක් මෙන්ම මූලික ගැටුම්කාරී ස්වභාවයක පවතින මෙම තත්ත්වය වඩා ව්‍යූහාත්මක වශයෙන් වර්ධනය වීමේ අවදානම පිළිබඳවත් යම් විමසීමක් සිදුකරනු ලැබුවා. විශේෂයෙන් එහි අවසානයේ දැක්වූ පරිදි මෙවැනි නොසන්සුන්කාරී බවින් යුතුව පවතින සමාජයක් තුළින් නායකත්වය දෙන ගැටුමක මතවාදය වශයෙන් ජාතික හෝ ආගමික අන්තවාදයක් ඉස්මතුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ පිළිබදව ආසන්තම උදාහරණය   එල්.ටී.ටී.ඊ.   සංවිධානය විසින් යොදාගැනුනු දමිළ ජාතිකවාදය   යි. දැන් , මේ මොහොතේ පවතින තත්ත්වය සමග මුස්ලිම් ජනතාව අතර පවතින භීතිය , විතැන් වීමට නියමිත වෙන්නෙ   ඉස්ලාම් අන්තවාදය ටයි.  

සිංහල රටක් මිස මෙහි නෑ මරක්කල

ශ්‍රී ලංකාව හා දකුණු ආසියානු කලාපයේ සාමයට හා ආරක්ෂාවට  මුස්ලිම් අන්තවාදය  බරපතල  තර්ජනයක් බව ආරක්ෂක ලේකම් තුමා පසුගිය ආරක්ෂක  සමුළුවේදී ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රධානීන් හමුවේ කරුණු හෙළිකර සිටියහ. රාජ්‍ය බුද්ධි අංශ විසින්ද විවිධ අවස්ථාවලදී ඒ බව තහවුරු කර තිබිණි. අරාබියේ ආධාර මත ක්‍රියාත්මක වන  බිහිසුණු මූලධර්මවාදී  ආගමික කල්ලි සාම්ප්‍රධායික මුස්ලිම් ජන සමාජයත්විනාශ කරමින් රට පුරා ක්‍රියාත්මක  වෙමින් රටත් ජාතියත් ලේ විලකට ඇදගෙන යමින් සිටින  බව ජාතික සංවිධාන හා ක්‍රියාකාරීන් ද  සාක්ෂි සාධක සහිතවම පුනපුනා හෙළිදරව් කරමින් සිටිත් දී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය  ට එරෙහිව මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තවත් ප්‍රහාරයක් ගැන  අනුරාධපුරයෙන් වාර්ථා විය.

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...