දකුණු ආසියාවේ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 කට ආසන්න වැට් බදු මුදල් වංචාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයට පෙනී නොසිට මෙරටින් පැනගොස් ඇති විත්තිකරුවන් අටදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ ( 26 දා) වසර 20 බැගින් සිරදඬුවම් හා වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩ මුදලක් නියම කළාය. චූදිතයන්ට අයත් මෙරට හා පිටරට ඇති නිශ්චල හා චංචල දේපළවල වාර්තාවක් ලබා ගන්නා ලෙසද නියම කළ විනිසුරුවරිය ජාත්‍යන්තර පොලිසිය හරහා ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන නියම කළ සිරදඬුවම් පැනවීම හා දඩ මුදල් අය කර ගැනීම සිදු කරන ලෙස වැඩිදුරටත් නියෝග කළාය.
Sri Lankan Hela Nation Details and their Hindrance...