Skip to main content

Myths and truths about the 1915 ethnic conflict .....

The Sinhalese were all parties to the Kandyan Treaty signed on 2nd March 1815, handing over the Sinhalese kingdom to the King of England. This is strong evidence that no other ethnic group had a legal claim to the rule of the country at that time. However, exactly 100 years later, in 1915, a minority group attacked the religious freedom of the Sinhalese. The Sinhalese, enraged by this attack, attacked the minority in return. It is apparent from certain documents published at this time that the true history of the ethnic conflict, which caused great suffering to the Sinhalese by imposing martial law and shooting dead 66 people, including two women, convicting 5,193 people by civil and military courts, detaining a large number of others without trial, extorting money for their release, and forcibly confiscating vehicles and livestock, is now beginning to emerge. I wanted to write this after reading a newspaper article recently, which analyzed the British government's attempt to cre...

රැගෙන යන්නේ පිනත් අවබෝධයත් විතරයි…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,



බ රැස්කරන පිනත් එක්ක, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න නම් කරුණු දෙකක් ඕන. ඒ තමයි, ‘පින’ ඕන. ඒ වගේම ‘අවබෝධය’ ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ගිහි හෝ පැවිදි හෝ අය අතරින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙක විතරයි. අපට වැදගත් වෙන්නේ ඒ දෙක විතරයි. මොකද, අපි අරගෙන යන්නේ ඔය දෙක විතරයි. පිනයි, අවබෝධයයි. ඔබට අරගෙන යන්න තියෙන්නෙත් ඒ දෙක විතරයි.
නමුත් යුතුකම් හැටියට අපි අනිත් හැම දෙයක්ම කරන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ යුතුකම් හැටියටයි. හැබැයි බලාපොරොත්තු වෙන්න ඕන, මේ ජීවිතයේ හැකිතාක් පිනයි අවබෝධයයි රැස්කරගන්න.
තමන්ගේ පුරුද්ද පිනට බාධා කරනවා. පාප මිත‍්‍රයා අවබෝධයට බාධා කරනවා. එතකොට පුරුද්දත්, පාප මිත‍්‍රයෙකුත් එකතු වුණොත් ඉවරයි. මේ නිසා පින රැස් කරගන්න. මේ ජීවිතයේ හොඳට පින් රැස් කරන්න.
ඒ වගේම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්මය විවෘත කරලා ඉවරයි. ඒක කාටවත් හංගන්න බෑ. ඒකට අපහාස කරලා නැතිකරන්න බෑ. ඒකට ගරහලා නැති කරන්න බෑ. කැලෑ පත්තර ගහලා නැතිකරන්න බෑ. ඒකට නින්දා කරලා නැතිකරන්න බෑ. හේතුව, ඒ චතුරාර්ය සත්‍යය කියන්නේ මගේ දෙයක් නොවෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් පුරා සේනා සහිත මාරයා පරදවා දස දහසක් ලෝක ධාතුව කම්පිත කරවමින් චතුරාර්ය සත්‍යය දේශනා කළ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒක මතු කළාට පස්සේ කාටවත් විනාශ කරන්න බෑ. ඒක තමයි ලෝකයේ සත්‍යය.

සත්‍යය කියන එක පුදුම දෙයක්. සත්‍යය කියන එක හැමදාම ලෝකයේ තිබෙන දෙයක්. සත්‍යය කියන එක අනවබෝධයෙන් වැහිලා යනවා. නමුත් ඒක තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාළා මේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ සිත සහිත, විඤ්ඤාණය සහිත, සඤ්ඤා සහිත බඹයක් පමණ වූ මේ ශරීරයේ කියලා. ඒක පාප මිත‍්‍රයෝ නිසා වැහිලා යනවා. ඒ වගේම තමන්ගේ සසරේ තියෙන වැරදි පුරුදු නිසාත් වැහිලා යනවා. තමන්ගේ දුෂ්ටකම් නිසා, තමන්ගේ අවිද්‍යාව නිසා, තමන්ගේ මෝඩකම නිසා, තමන් නුවණින් කල්පනා නොකරන නිසා, තමන් තුළින්ම මතුකරගන්න තිබෙන දේ තමන්ට නොලැබී යනවා.

ඒ චතුරාර්ය සත්‍යය තුළ තමන් ගැන තමන්ට අවබෝධය ලබාදෙනවා. තමන්ගේ ජීවිත රටාව තමන්ට හඳුන්වලා දෙනවා. තමන්ගේ ජීවිත ගමනේ විමුක්තිය තමන්ට පෙන්වා දෙනවා. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් තුළ උපදවා ගන්න ඕන බව තමන්ට තේරුම් කරලා දෙනවා.
ඒක බාහිරින් ගන්න බෑ. ඇඳුමක් නම් බාහිරින් ඇඳගන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය ඇඳුමක් නෙවෙයි. පාරක් නම් බාහිරින් කපාගෙන යන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය බාහිරින් කපාගෙන යන පාරක් නොවෙයි. සැරසිල්ලක් නම් (ඒ කියන්නේ මාලයක්, කරාබුවක් නම්) බාහිරින් පළන්දගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම පළන්දවගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ අවබෝධය තමා විසින්ම හිතාමතා තමා තුළම දශමය දශමය හරි ඇති කරගන්න ඕන දෙයක්.

චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න අපට වුවමනා වන ප‍්‍රධාන දෙයක් තමයි පටිච්ච සමුප්පාදය ගැන තේරුම් ගැනීම. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ අපි ඉපිද ඉපිද, මැරි මැරී ආපු ගමනේදී මේක සිදුවීම් මාලාවක් හැටියට ආවා කියලා ඇති කරගන්නා අවබෝධයයි. බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරලා තියෙනවා. උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම පෙන්වා දෙනවා, පැහැදිලි කරලා දෙනවා. ඔබ ඒක ටික ටික අවබෝධ කරගන්න ඕන.

ඉපදුණා කියන්නේ මොකක්ද? භවය කියන්නේ මොකක්ද? උපාදාන තියෙනවා කියන්නේ මොකක්ද? ඔබ තුළ තණ්හාව ඇතිවෙන්නේ කොහොමද? ඔබ තුළ සැප, දුක්, උපේක්ෂා විඳීම් ඇතිවෙනවා නම්, ඒක කොහොමද ඇතිවෙන්නේ? ඔබ ලෝකය හඳුනාගන්නවා නම්, ඒ කොහොමද? ඔබ තුළ විඤ්ඤාණය තියෙනවා නම්, ඒ විඤ්ඤාණය කොයි විදිහටද වැඩ කරන්නේ? ඔබ තුළ අවිද්‍යාව තියෙනවා නම්, ඒ මොන වගේ එකක්ද? එතකොට මේ කවුරු තුළ තියෙන එකක්ද හොයන්න යන්නේ? තමන් තුළ තියෙන එකක්. තමන් ගැනයි මේ හොයන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ තුළින් තමන් ගැන හොයන්න යන කොට ඒක සදාකාලික සත්‍යයක් කියලා තමන්ටම තේරුම් යනවා. ඒ වගේම මේ ජීවන රටාව අපිට නවත්වන්න බැරි වේගයකින් දිගටම උපතක් කරා යනවා.
අපි හරක් පට්ටියක් ඉන්නවා කියලා ගනිමු. මේ හරක් පට්ටියේ වස්සෝ ඉන්නවා. වැස්සියෝ ඉන්නවා. ඔක්කෝම ඉන්නවා. මේකෙ ඉන්නවා හරක් පැටියෙක්. මේ හරක් පැටියා අර ඔක්කෝම වස්සො, වැස්සියෝ මැද්දෙන් මව් දෙන හොයාගෙන දුවන්නේ නැද්ද? මව් දෙන හොයාගෙන දුවගෙන ගිහිල්ලා තන බුරුල්ලේ එල්ලෙනවා.

හරක් පැටියා මව් වැස්සියගේ තන බුරුල්ලේ එල්ලෙනවා වගේ තමයි අපි මෙහෙන් මැරෙන කොට කර්මානුරූපව ආයෙ උපතක් කරා යන්නේ. ඒ නිසා මේ යන රටාව අපට තේරුම් ගන්න, අප බුද්ධිය මෙහෙයවන ආකාරය අතිශයින්ම වැදගත්. මේ බුද්ධිය මෙහෙයවීමට නම් මේ ජීවිතයේ බුදු කෙනෙකුගේ ධර්මයම ලැබෙන්න ඕන. වෙන කෙනෙකුගේ ධර්මයකට මේක කරන්න බෑ. වෙන කෙනෙකුගේ ධර්මයකට බුද්ධිය මෙහෙයවලා දෙන්න බෑ.
බුද්ධිය මෙහෙයවලා දෙන්න නම් ‘මේ විඤ්ඤාණය සම්බන්ධ වෙලා මෙහෙම ක‍්‍රියාත්මක වෙනවා. කර්මය වේගයෙන් උපතක් කරා යන්න ප‍්‍රධාන සාධකයක් වෙනවා. අභ්‍යන්තර වශයෙන් අපේ ජීවිතයේ වෙනම කෙලෙස් ගොඩක් තියෙනවා. මේවා එක එක ස්වරූපයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ ඔක්කොම ඇස, කණ, නාසය, දිව, කය, මනස ඔස්සේ සිද්ධවෙලා යනවා’ කියලා මේ රටාව ගැන අවබෝධයක් ඕන. සිහිය දියුණු කරන්න ඕන. වීරිය දියුණු කරන්න ඕන. ඉන්ද්‍රිය සංවර කරන්න ඕන.
මේ දර්ශනය ලෝකයේ අතිශයින්ම දුර්ලභ එකක්. ඉතාමත් කලාතුරකින් මනුෂ්‍යයෙකුට අහන්න ලැබෙන එකක්. ඒක එකපාරටම ඇසීමෙන් අවබෝධ වෙන්නේ නැති නිසා තමයි අපි පොත් හැටියට ඉදිරිපත් කරලා, කැසට් හැටියට ඉදිරිපත් කරලා, ත‍්‍රිපිටක පරිවර්තන හැටියට ඉදිරිපත් කරලා දෙන්න මහන්සි ගන්නේ.

මොකද හේතුව, යම්කිසි කෙනෙකුට ධර්මය පොඞ්ඩක් හරි තේරුණොත්, ශ‍්‍රද්ධාව ඇතිවුණොත්, (මම කිව්වා ඒ ශ‍්‍රද්ධාව ඇතිවුණාට පස්සේ එයා හිතන්නේ මොන වගේ පුද්ගලයෙක් හැටියටද? බරපතල විදිහට හිතන පුද්ගලයෙක් වෙනවා කිව්වා නේද?) බරපතල විදිහට මේක හිතන මනුස්සයෙක් වෙනවා. ඒ බරපතල විදිහට හිතීමත් එක්ක තමයි එයාට මේ මනුස්සයා කෙරෙහි අනුකම්පාවක් ඇතිවෙන්නේ. ශ‍්‍රද්ධාවට ආවේ නැත්නම් ඒ අනුකම්පාව ඇතිවෙන්නේ නෑ. ‘මම ප‍්‍රධාන වෙන්න ඕන. මම කණ්ඩායමක් හදාගන්න ඕන. මම අධිපති වෙන්න ඕන. මම මටම කියලා ලෝකයක් හදාගන්න ඕන’ කියලා හිතෙනවා නම් ඒ ඔක්කොම එයාට එපා වෙනවා.
එයාගේ ඔළුවට යන්නේ ඒක නෙවෙයි. ‘මම කොහොම හරි පින් රැස්කරගන්න ඕන. මම කොහොම හරි මේක අවබෝධ කරගන්න ඕන’ කියලා. ඔය දෙක ඔස්සේ විතරයි එයා යන්නේ. හොඳට ශ‍්‍රද්ධාව ඇතිවුණා නම්, මේ දෙක ඔස්සෙයි එයා යන්නේ. ඒ දෙක තමයි ‘මම කොහොම හරි පින් රැස් කරගන්න ඕන. මම කොහොම හරි මේක අවබෝධ කරගන්න ඕන’ කියලා. මෙන්න මේ දෙක ජීවිතයේ ඇති කරගෙන හැකිතාක් පින් රැස්කර ගැනීමත්, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්නටත් මේ ජීවිතයේදීම ඔබට වාසනාව උදාවේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

Comments

Popular posts from this blog

Myths and truths about the 1915 ethnic conflict .....

The Sinhalese were all parties to the Kandyan Treaty signed on 2nd March 1815, handing over the Sinhalese kingdom to the King of England. This is strong evidence that no other ethnic group had a legal claim to the rule of the country at that time. However, exactly 100 years later, in 1915, a minority group attacked the religious freedom of the Sinhalese. The Sinhalese, enraged by this attack, attacked the minority in return. It is apparent from certain documents published at this time that the true history of the ethnic conflict, which caused great suffering to the Sinhalese by imposing martial law and shooting dead 66 people, including two women, convicting 5,193 people by civil and military courts, detaining a large number of others without trial, extorting money for their release, and forcibly confiscating vehicles and livestock, is now beginning to emerge. I wanted to write this after reading a newspaper article recently, which analyzed the British government's attempt to cre...

What was in Helaya ... !!!

Sinhalese who speak with dignity are the heirs to a written history of 2500 years. Though Mahavansa challenged the Mahavamsa on the basis of multiethnic teaching, it is a blessing more than a legend. We know, of course, that we are not the best proof for Hela Basa and for culture. This is a series of examples that test our ravages to the ravages of the nation and the blatant acts as well as to illustrate even a pseudo-historical say in history. According to the program, according to the influence of the Gentiles, the first capital was abandoned and the Sinhalese turned to the south and eventually camped in the hills and from the beginning the era of the Kandyan period began. In 1739, Nawaveakow Weeraparakrama Narendrasing deceived the Indians and enslaved the king to her brother-in-law. Keerthi Sri Rajasinghe, Rajadhi Ruijasinghe and Sriwakrema Rajasingha, who reigned from the curtain, are Indigenous Indians. The dynasty of this city is blessed with this stupid wretch, which finally e...

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...