Skip to main content

Myths and truths about the 1915 ethnic conflict .....

The Sinhalese were all parties to the Kandyan Treaty signed on 2nd March 1815, handing over the Sinhalese kingdom to the King of England. This is strong evidence that no other ethnic group had a legal claim to the rule of the country at that time. However, exactly 100 years later, in 1915, a minority group attacked the religious freedom of the Sinhalese. The Sinhalese, enraged by this attack, attacked the minority in return. It is apparent from certain documents published at this time that the true history of the ethnic conflict, which caused great suffering to the Sinhalese by imposing martial law and shooting dead 66 people, including two women, convicting 5,193 people by civil and military courts, detaining a large number of others without trial, extorting money for their release, and forcibly confiscating vehicles and livestock, is now beginning to emerge. I wanted to write this after reading a newspaper article recently, which analyzed the British government's attempt to cre...

මතට තිත…..?

අප හෙළය ගත් විට එය නිවට සුද්දාගේම (පජාත ඉන්දියාවද) හුදු වුවමනාව මත ශ්‍රී ලංකාව බවට පත්විය. එයින් ඔවුන් බලාපොරොත්තු වුදේ අද මල්ඵල දරණ බව අප ඉතා සංවේගයෙන් වුවත් දැනුම් දෙමු. මන්දයත් අද හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමමින් සුද්දාගේ උගුලේ අසුවී ඉබාගාතේ යන පිරිස වැඩිවෙමින් සුද්දා බලාපොරොත්තු වූ නිවට සිංහලයන් බිහිවී ඇති නිසාය.
තොමස් මැකිල්ටන් බැබිලී නම් වූ නිවට සුද්දා 1835 දී ඉන්දියාවේ සිට ක්‍රීයාත්මක කළ චක්‍රලේඛනය අද පවතින නීතියට අනුව නම් විශාල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කැරීමකි (සුද්දාගේ ක්‍රමයට අනුව). එහෙත් එවැනි ක්‍රීයාවන් අප සලකනුයේ දුජීත තුප්පැහි ක්‍රීයාවන් ලෙසයි. එනම් වෙනත් ජාතියක හෝ ආගමක පවතින මිනිසුන්ගේ සංස්කෘතිය සදාචාරය බුද්ධිය හෝ භාෂාව නැති කිරීම හෝ ඒම හැසිරීම් අතුගාදැමීම හෝ ඒ වෙනුවට අපගේ ක්‍රමයන් ක්‍රියාත්මක කරනවාට අප හෙළයේ වචනයක් පවා නැත. එයින් හැ‍ඟෙනුයේ අප හෙළය ඇතිවූදා සිට එවැනි ක්‍රියාවන් නොකර ඇති බව හා එවැනි ක්‍රියාවන් අනුමත නොකරන උතුම් ජාතියක් බවයි.
නීතිය ක්‍රියාත්මක කිරීමෙන් හා නීතිය දේශපාලනීකරණය කරීමෙන් පමණක්ම අප හෙළයා විනාශකළ නොහැකිබව සුද්දට තෙරුම්ගියේ එම නීති ක්‍රීයාත්මක කළද ඒවා නොපවතින බව දැනගත් විටය. ඒ සදහා විවිධ විකල්ප ක්‍රම භාවිතා කළ අතර අවසානයේ සාර්ථක වූයේ ගිනිවතුර හා සිගරට් (පිළිකා කාරක 64 ක් අඩංගුය) හෙළයා හට හදුන්වාදීමයි. ඔවුන් හැකි සෑම ප්‍රදේශයකම මෙම මත්වතුර සැල් ස්ථානගත කළ අතර නොමිලේම හෙළයන් හට ලබාදුන්හ. එදා සාමාජ කතිකාවක්වත් තරම්නොවූ සුරාපානය අද රාජ්‍ය සංස්ථාවක් දක්වා රැගෙනවිත් ඇත. කෙටියෙන් කියනවා නම් සුද්දා සාර්ථක විය නැතහොත් ඔහු අප විසින් සාර්ථක කර ඇත.

එම තත්වය කොතරම් අප වැළදගත්තාද කිවහොත් කඩයකට ගොස් තේ එකක් බීමට නොහැකි තත්වයට පත්විය. බසයක නැගී ගමනක් යෑමට නොහැකි තත්වයට පත්විය. මන්දයත් හැම තැනම බේබද්දන්ගේ පාරාදීසයන් වීමය. එදා බසයක නැග කිලෝමීටර් 2 ක් 3 ක් ගියහොත් සිගරට් 7 – 8 ක් බී බැසීමට අපට සිදුවිය. එය සමාජ සම්මතයක්ම තරම් දුරදිග ගොස් තිබූනිසා එයට එරෙහි වීමට අප සමස්ත සහ සමස්ත මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රජාවට නොහැකි විය. එදා දහස් ගණනින් ගැහැනුන් කුඩා දරුවන් හා දැහැමි මිනිසුන් පවා අපහසුතාවයට පත් කරමින් මෙම බේබද්දන් හැසිරුණේ සමස්ත සමාජයාම විවිධ රෝගවලට ගොදුරු කරමින් සහ අප රට දුගී දුප්පත් තැනට ලගාකරමිනි. ඔය අතර මත්ද්‍රව්‍ය විරෝධී ජන කොටස් ඒකාරාශීවී විවිධ සංගම් පදනම් පක්ෂ ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ විය. රාජ්‍ය අනුග්‍රහය නොලැබීම පොලිස් නීතිය නොරැකීම සහ සැබෑ අරමුණක් නොමැතිවීම ආදී කරුණු හෙතුවෙන් නිෂ්ඵල විය. සමහර අමද්‍යප ව්‍යාපාරකයින් උදේ පාසල් දහම් පාසල්වල දේශන පවත්වා හවසට බාර් වල සහ රෙස්ටුරන්ට් වල හොදින් කාබී වැටී නිදාගන්නා පුහු සමාජවාදීන් විය. ඒ අතර තම පවුල බේබදු කමින් මුදවා දෙන බව පවසා රවටා පවුල් පිටින් තම ආගමට බදවා ගත් නිවට ක්‍රිස්තියානී අන්තවාදී සංවිධානද ඕනෑතරම් විය.
කාලය ගෙවී යන අතරතුර මහින්ද රාජපක්ෂ මහතා රජවන්නේ ඉහත කී අරාජිත වූ කාලවකවානුවකදී තවත් ජාතික පක්ෂයක්ද සමගය. මතට තිත කරළියට එන්නේ එම ජාතික පක්ෂය (ජාතික හෙළ උරුමය) පූර්ව මතයක් ලෙසය. එය අද පවතින තත්වයට ඔරොත්තුදෙන මට්ටමට රැගෙන නව නීති රීති සමග ක්‍රියාවට නැගුණේ තස්තවදය මුලිනුපුටා දැමීමම තරම් වූ සහනයක් සමස්ත ජාතික හදවත්වලට එකතු කරමිනි. ඒ සදහා හය හතර නොදන්නා තරම් වූ කුඩාතරයාගේ සිට සමස්ත සමාජයේ ගෟරවය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණේ බේබදු කමත් තස්තවාදය තරම්ම සමාජයේ විශාල පිළිලයක්ව තිබූ නිසාය.
එදා මතට තිත ක්‍රියාත්මක වීමත් සමග බාර් වල රෙස්ටූරන්ට් වල කාබී ජගොඩි නැටූ පිරිස මෙල්ල විය. එම ආයතන වල සේවය කරන අයට කරදරයනින් තොරව තම රැකියාව කරගෙන යාමට සුදුසු කාලයක් එලඹුණේය. බසයක නැගී සිගරට් ගද නොවැදී ගමනක් යෑමට හැකිවිය. ළමා තරුණ මහලූ ගැහැණු අයට පරේ බැස පාඩුවේ තම වැඩකටයුතු කරගැනීමට සුදුසු සමාජ වටපිටාව නැවත ඇතිවිය. එදා සිගරට් කටෙගසාගත් හා ගිනිවතුර බීගත් අමන රැළෙහි නොහොබිනා උසුලූ විසුලූ අප ගැහැණු ළමයින් හට නතර විය. කෙල්ලෙකුට තබා බඩදරු අම්මා කෙනෙකු හට වත් පරේ යන්න බැරිව තිබූ අදුම සාමාජයේම තිත ඒ මතට තිත විය.
නීතිය ක්‍රියාත්මක වූ වකවානුව තුළදී මහජනයා ගැවසෙන ස්ථානයක සිගරට්ටුවක් බොන්නෙකුට රුපියල් 5000.00 නොඅඩු දඩමුදලක් නියම කිරීමට හැකිතරම් නව නීති ප්‍රබල විය.
එහෙත් අද තත්වය ඊට වෙනස්ය. එදා මෙම තිරිසන් වැඩ සමාජගතවූ ඛේදජනක අවස්ථාවට අද එලබ ඇත. මන්දයත් අද සිගරට් බීමට නිකමුන්ට තැනක් නොතැනක් නැත. බස්වල දොරේ සිට කොන්දොස්තර මහත්තයගේ සගයෝ සිගරට්ටුවක් දල්වාගන්නේ බසය නගරයේන් පිටත්වී විනාඩි කීපයකට පසුවය. බසයේ යෑමට ටිකට් එකක් පවා නොගන්නා මොවුන් බසයේ ගමන් ගන්නා ගැහැණූ ළමයින් හට නොහොබිනා විහිලූ තහලූ කරමින් බසයේ ගමන්ගන්නා අනිකුත් මගීන්හටද කරදරයක් වෙමින් ඔවුන්ගේ බාල පහත් තත්වයේ විනොදය ලබාගන්නේ ඉතාමත් සංකරවූ ආකාරයටය. ඉදහිට පැමිණ කොන්දොස්තර මහත්තයාද දුම උගුරක් උරාගන්නේ සගයන් හට බසය තුළ සංකර වැඩ (තම සගයන් හට) සදහා යම් නීත්‍යානුකූල බවක් මගීන් තුළ ජනිත කරමිනි. මෙම තත්වය දුර ගමන් බස් රථ තුළ වැඩිපුර දැකගත හැකිවන අතර රාත්‍රී දුර ගමන් බස් රථ ගැනනම් කථා එමටය. බේබද්දන්ගෙන් බහුලය. බසය පිටුපස ආසන යට බියර් බෝතල් අරකකු බොතල් ගණනින් ඇත. අරක්කු බියර් කටතබාගෙන බොන මොවුන් මුලදී සිගරට් බීම සදහා මාරුවෙන් මරුවට දොරට වැදුනද පදමට රත්වූ විට උන්හිටි තැන් අමතකවී තම අසුන්වලම සිට සිගරට් උරාබීමට පටන්ගන්නේ කන කැඩෙන තරම් වූ ශබ්දයෙන් විකාෂණය වණ පලකට නැති ගීත වලට නාදරටා එක්කරමිනි.
අපහසුතාවයේ නිම්තෙරට පැමිණි බවලත් උදවිය හඩක් නොනගන්නේ පලක් නොමැති නිසාය. ඒවගේම මහත්මා ගතිඇති(සිංහල බෞද්ධ රටට ආදරය කරන) අයෙක් ඒ බසයේ වූ නම් ඔවුන්ද නිහඩව යන්නේ වෙරිමතින් දගලන අධමයන් සමග පැටලී ප්‍රශ්නය නොවිස‍ඳෙන නිසා සහ රටේ පවතින කැලෑනීතිය නිසාය.
තත්වය මෙසේ පවතිද්දී රටේ නීතිය රකින පොලීසිය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ කාගේ වුවමනාවටද? රටෙ නීතියක් නොපවතින අවස්ථාවක ජාතික හෙළ උරුමය නීතය සම්මත කරදුන්නේ බහුතර නිහඩ විරෝධය සහ වෙනත් (පනත වැළැක්වීමේ) ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක වූ මොහොතකදී නොසෙල්වෙන ස්ථාවරයක සිටගෙනය. එහෙත් එම පක්ෂයට රටෙ නීතිය ක්‍රියාත්මක කළ නොහැකිය. එම වගකීම ඇත්තේ නීතිමය බලය ඇති පොලීසියටය. වගකීම ඔවුන් පැහැර හරින්නේ කාගේ වුවමානාවටද යන්න ජනතාව දන්නා රහසකි. ජාතික හෙළ උරුමයේ නාමයෙන් පොලීසියට අද නීති නැත කියා ඇග බේරා ගැනීමට නොහැක.
මේ සියලූ කරුණු සැලකූ විට අපට තේරුම් ගත හැක්කේ රටක නිවැරදි පැවැත්මට අදාළ නීති තිබූ පමණින්ම යහපත් නොවන බවයි. ඒ සදහා කොන්ද කෙළින් තබාගෙන තම රට දැය වෙනුවෙන් කැපවීමට හැකි නිවැරදි නායකත්වයක් අවශය බවය.
හරිශ්චන්ද්‍ර බණ්ඩාර

Comments

Popular posts from this blog

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති. බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට...

1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය

1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක්‌ එවක නොවූ බවට එය ප්‍රබල සාක්‍ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක්‌ ගතවූ තැන 1915 දී සුළු ජන කණ්‌ඩායමක්‌ විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්‍රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ. ඉංග්‍රීසි යටත් විජිත ආණ්‌ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්‌ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක්‌ නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක්‌ ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළව...

Threads of Harmony…..

In a world not so far from our own, humanity stood at the precipice of change. Divided by borders, beliefs, and histories, the global challenges of war, poverty, and climate change loomed large. Yet, in this era of discord, a ripple of hope began to emerge in the form of world peace initiatives that spanned the continents. It all started with a gathering in an inconspicuous town called Harmonyville, named so for its rich history of peaceful cohabitation. Ecologists, diplomats, volunteers, and visionaries from every corner of the earth converged to brainstorm solutions. The town's leaders, inspired by stories of ancient treaties and peace accords, decided it was time to breathe life into the idea of global unity again. The conference, dubbed “The Summit for a New Dawn,” brought together the most mixed of delegations. Among them was Zara, a young activist from Kenya, whose organization focused on environmental conservation as a path to peace. There was Raj, a tech entrepreneur from...