Skip to main content

Posts

Showing posts from 2013

1915 වාර්ගික ගැටුම පිළිබඳ දුර්මත සහ සත්‍ය

1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක්‌ එවක නොවූ බවට එය ප්‍රබල සාක්‍ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක්‌ ගතවූ තැන 1915 දී සුළු ජන කණ්‌ඩායමක්‌ විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්‍රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ. ඉංග්‍රීසි යටත් විජිත ආණ්‌ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්‌ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක්‌ නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක්‌ ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළව...

රැගෙන යන්නේ පිනත් අවබෝධයත් විතරයි…

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, ඔ බ රැස්කරන පිනත් එක්ක, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්න නම් කරුණු දෙකක් ඕන. ඒ තමයි, ‘පින’ ඕන. ඒ වගේම ‘අවබෝධය’ ඕන. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ගිහි හෝ පැවිදි හෝ අය අතරින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙක විතරයි. අපට වැදගත් වෙන්නේ ඒ දෙක විතරයි. මොකද, අපි අරගෙන යන්නේ ඔය දෙක විතරයි. පිනයි, අවබෝධයයි. ඔබට අරගෙන යන්න තියෙන්නෙත් ඒ දෙක විතරයි. නමුත් යුතුකම් හැටියට අපි අනිත් හැම දෙයක්ම කරන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ යුතුකම් හැටියටයි. හැබැයි බලාපොරොත්තු වෙන්න ඕන, මේ ජීවිතයේ හැකිතාක් පිනයි අවබෝධයයි රැස්කරගන්න. තමන්ගේ පුරුද්ද පිනට බාධා කරනවා. පාප මිත‍්‍රයා අවබෝධයට බාධා කරනවා. එතකොට පුරුද්දත්, පාප මිත‍්‍රයෙකුත් එකතු වුණොත් ඉවරයි. මේ නිසා පින රැස් කරගන්න. මේ ජීවිතයේ හොඳට පින් රැස් කරන්න. ඒ වගේම දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්මය විවෘත කරලා ඉවරයි. ඒක කාටවත් හංගන්න බෑ. ඒකට අපහාස කරලා නැතිකරන්න බෑ. ඒකට ගරහලා නැති කරන්න බෑ. කැලෑ පත්තර ගහලා නැතිකරන්න බෑ. ඒකට නින්දා කරලා නැතිකරන්න බෑ. හේතුව, ඒ චතුරාර්ය සත්‍යය කියන්නේ මගේ දෙයක් නොවෙයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා...