Skip to main content

Posts

Showing posts from November, 2014

නැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු

මේ හිමිදිරි උදයේ අපට මඟ පෙන්වන්නා විසින් ධාවනය කරනු ලබන කුඩා මෝටර් රථයේ ඉදිරි අසුනට බර දී සිටින මම ඉද්ද ගැසුවාක්‌ මෙන් එක එල්ලේ පෙනෙන කන්තලේ -සේරුනුවර - මුතූර් මාර්ගය දෙසත් අවට හාත්පස වෙතත් ඇස්‌ පුරා බැල්මක්‌ හෙළුවෙමි. රථයේ ආරක්‍ෂිත බඳ පටිය මගින් ගතට ගෙන දෙමින් ඇත්තේ අමිහිරි තෙරපීමකි. එහෙත් මේ පරිසරය දකින දෙනෙතට දැනෙන්නේ මිහිරකි. එකී මිහිර සමග ගෙවී ගිය අතීතයේ දුර ඈතින් ඇසුණු ශාපලත් යුද්ධයේ පිපිරුම් හඬ සමග කන්තලේ සිට මේ මග ඔස්‌සේ නැගෙනහිර යුද පෙරමුණක්‌ වෙත ගිය ගමනක්‌ මගේ සිහියට නැඟුණේ නිරායාශයෙනි. සිරිපුර ගම්මානයේ නිවාස ඒ අතීතයේ අද මෙන් මෝටර් රථයක ඉදිරි අසුනට වී ගමනේ යෙදෙන්නට මට අවසර නොවීය. අතිශය රළු වූ එහෙත් පැහැදිලි ආරක්‍ෂාවක්‌ සහිත යුද හමුදාවට අයත් යුනිකොන් රථයක නැඟී එදා මම මේ මග ගියෙමි. යුනිකොන් රථයේ වහළයට සවි කෙරුණු අධිබල ගිනි අවියකට තුරුලුව හිස පමණක්‌ පිටතට දමාගෙන සිටි හමුදා සෙබළෙක්‌ රථයේ උන් සියල්ලන්ගේ ආරක්‍ෂාවට කැප වෙමින් උකුසු දෙනෙතකින් යුතුව නිරන්තර හාත්පස නිරීක්‍ෂණය කළේය. නමුත් වේගයෙන් ඇදී යන එම රථයේදී මා මේ මඟ දෙපස බැලුවේ එහි දෙපැත්තේ වූ ඝනකම් දැලකින් ආවරණය කෙරු...